කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 15,178 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,858ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,739ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1183
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 467
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 268
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 15
- රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
- ජෝන් කීල්ස් සමාගම 08%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 165,000ක් රුපියල් 141.00 බැගින්
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 14.1ක් රුපියල් 17.50 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් 5,820,000ක් රුපියල් 210.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 405
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,062කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,039ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,038
- හේමාස් සමාගම රුපියල් මිලියන 06
- ඇක්සස් සමාගම රුපියල් මිලියන 05
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05
- ඩයලොග් සමාගම රුපියල් මිලියන 04
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ