spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 16,033 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,608ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,843ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 439
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 415
  • බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 216

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 26
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 06
  • අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බලංගොඩ වැවිලි සමාගම ® 190%
  • සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම 15%
  • ඊ චැනලින් සමාගම 13 %

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 397
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 13 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 03
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles