2023 වර්ෂයේ දී 08 වැනි ශ්‍රේණියේ සිට “කෘතිම බුද්ධිය” පාසල් විෂය නිර්දේශයට එක්කනර බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී කියා සිටියේය.
ඔහු එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ මීටර පෙර එම විෂය 10 වැනි ශ්‍රේණියට හඳුන්වාදීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 08 වැනි ශ්‍රේණියේ සිට කෘතිම බුද්ධිය ඉගැන්වීමට තීරණය කළ බවයි.
ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තවත් වසර 05කදී ඉතා දුෂ්කර වනු ඇති බවයි. එබැවින් මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිතව තවමත් අප පවත්වාගෙන යන්නේ යල්පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අප මේ පිළිබඳ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු කිහිප දෙනකුගෙන් කරන ලද විමසීමක දී ඔවුන් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රකාශයක් බවයි. කෘතිම බුද්ධිය දැනට විශ්වවිද්‍යාල මට්ටමේ උගන්වන විෂයයක් වුව ද එය පාසල් මට්මින් ඉගැන්වීමට නම් එ් සඳහා පාසල් සිසුන් හැඩ ගැස්විය යුතු බවත් නිසි පුහුණුවක් ලැබූ ගුරුවරුන් අවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.
අධ්‍යාපන අමාත්‍යවරයා රටේ ඇති රැල්ලට ජනප්‍රිය ප්‍රකාශයක් කරන්නට ඇතැයි විදවතුන්ගේ මතයයි. කෘතිම බුද්ධිය උගන්වනවා යැයි කියමින් සිද්ධාන්ත කිහිපයක් ඇතුළත් කර විෂය නිර්දේශයක් සකස් කළ හැකි වුව ද එය ප්‍රායෝගික සහ සාර්ථක දෙයක් නොවන බව ද ඔවුන්ගේ අදහසයි.
කෘතීම බුද්ධියක් යන්න සරලව පහදා දෙන්නේ නම් යන්ත්‍රවලට නැත්නම් Computers වලට හිතන්න සහ ඉගෙන ගැනීමට හැකියාව හෝ තනිව වැඩ කිරීමට හැකියාව ලබාදෙන වැඩසටහන් පද්ධතියකි. නැතිනම් computer program එකකි.(AI ගැන සම්පුර්ණ අර්ථ දැක්වීමක් අන්තර්ජාලය ඔස්සේ දැනගැනීම ඉතා පහසු කාර්යයකි.) AI වලින් කරන්නේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් යන්ත්‍රවලට කිරීමට හැකියාව ලබාදීමයි. මිනිසුන්ට කතා කිරීමේ ඇති හැකියාව ඇති කෘතිම බුද්ධියක් නිර්මාණනය කිරීම AI මගින් සිදුකරයි. (google assistant වැනි ). එමෙන් ම මිනිස්සුන්ට තියෙන වාහන එලවන්න පුළුවන් හැකියාව තියෙන AI ගොඩනැගිය හැකියි. self driving cars යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි AI එකකින් බලගන්වපු රථයකි. වර්තමානය වනවිට ලෝකයේ බොහෝ වැඩ කටයුතු කරගන්න මේ AI පාවිච්චි කරයි.
මේ වනවිට තමන් “AI දන්නවා” කියල හිතාගෙන ඉන්න ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් AI යැයි සිතා සිටින වැඩසහන් කිහිපය හෝ ඉගෙන ගැනීමට Programming දැන සිටිය යුතුයි. එසේ නම් පාසලේ 08 වැනි ශ්‍රේණියේ දී කෘතිම බුද්ධිය කියන විෂයය උගන්වන්න සැළසුම් කරනවානම් අවම වශයෙන් 06 වැනි ශ්‍රේණියේ සිට programming ඉගැන්වීමට සිදුවෙයි. 2023 වර්ෂයේ දී AI (කෘතිම බුද්ධිය) උගන්නවානම් මේ වනවිටත් එම දරුවන්ට Programming උගන්වා තිබිය යුතුය. ඔවුන්ට Programming ඉගැන්වීම මේ වනවිට ආරම්භ කර නැත්නම් ප්‍රාථමික පන්තිවල සිට ම AI මූලධර්ම හඳුන්වාදෙන Bayesian theory, kernels, linear regression උගන්වා තිබිය යුතුය.
නමුත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ උසස් පෙළ විෂය නිර්දේශයේ හෝ තවමත් Programming නිසි පරිදි උගන්වන්නේ නැත. එවැනි තත්වයක් තුළ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ලබන වසරේ සිට පාසල් විෂය නිර්දේශයට කෘතිම බුද්ධිය එක්කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.
තවමත් සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය පාසල් විෂය නිර්දේශයේ දී 10 වැනි ශ්‍රේණියේ කැමතිනම් තෝරාගත හැකි විෂයක් මිස අනිවාර්ය විෂයක් නොවේ.
එවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක සුසිල් ප්‍රේම්ජයන්ත පවසන්නේ ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ පවා කිරීමට අමාරු කාර්යයකි. මෙය රටේ ජනතාවගේ හිත් සතුටු කිරීමට කියන කතා යැයි විද්වත්හු පෙන්වා දෙති.