ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍යධූර ලබාදෙන ලෙස ඉල්ලමින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍යධූර හිමිවිය යුතු බවයි. කැබිනිට් අමාත්‍යධූර 10ක් සහ රාජ්‍ය අමාත්‍යධූර 04ක් පත්කිරීමට නියමිතව ඇති බවත් ඒ සඳහා 20කට වැඩි පිරිසක් තරඟයට පිවිස ඇති බවත් වාර්තා වේ.
සාගර කාරියවසම් විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය මෙතෙක් දැනුම් දී නැතත් බැසිල් රාජපක්ෂ එම කැබිනට් අමාත්‍යධූර අත්‍යාවශ්‍ය ම බවට අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් තනතුරු සහිතව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පළකර ඇති පිරිසේ ප්‍රමාණය බැසිල් රාජපක්ෂ විසින් ඇමති ධූර සඳහා ඉදිරිපත් කර ඇති ලැයිතුවත් එක්කළ විට ඇමතිධූර අපේක්ෂාවෙන් සිටින සංඛ්‍යාව 20කට වඩා වැඩි අගයක් ගනී.
අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව කැබිනට් සංශෝධනයක් සිදුවන බව වාර්තා වේ.