මූල්‍ය අපරාධ චෝදනාවකට සැකපිට රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි පරීක්ෂා කිරීමට බව කියමින් ඇයට අතවර කළේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පවසමින් තිළිණිගේ නීතිඥවරු ඊයේ (06) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසිමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරිනියන් තිළිණි ප්‍රියමාලිගේ ශරීරය පරීක්ෂාකරන බව පවසමින් කරන ලද ක්‍රියාන් හේතුවෙන්න ඇගේ ලිංගික ප්‍රදේශයන්ට තුවාල පවා සිදුව ඇති බවයි. මේ තුවාල සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඇයට ඖෂධ ලබා දී ඇති බව ද මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි..
සැකපිට රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුකරථනයක් හමුවීමත් සමඟ බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිලධාරීනියන් ඇය නිතර නිතර පරීක්ෂා කරන බව ද වාර්තා වේ. අත්වැසුම් හෝ නෙදමා කිසිදු සෞඛ්යාරක්ෂිත ක්‍රමයක් භාවිතා නොකරමින් මේ පරීක්ෂණ සිදුකරන බවත් පරුෂ වචනනේ බැන වදිමින් ඇය පීඩාවට පත්කරන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ හේතුවෙන් සැකකාරියගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ද පැමිණිල්ලේ සඳහන් කර තිිබේ.