සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නතර කිරීම හේතුවෙන් ඒ වනවිට වැයකර තිබූ රුපියල් කෝටි 597.8ක මුදල අපතේ ගොස් ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කරන ලද වාර්තාවකින් අනාවරණය වයෙි.
මෙම වාර්තාව සකසා ඇත්තේ එම ව්‍යාපෘතිය අවලංගු කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරමිනි.
මෙම ව්‍යාපෘතිය ඒකපාර්ශිකව අතරමග නතරකර දැමීම හේතුවෙන් එතෙක් සපයන ලද උපදේශක ගාස්තු ද ඇතුළත්ව සිදුවූ අලාභය වෙනුවෙන් අදාල ජපන් උපදේශක සමාගම විසින් ද රුපියල් කෝටි 516ක මුදලක් ඉල්ලා තිබේ. එම මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කර නඩුවකට යාමට ඉඩ ඇත. එසේ නඩුවක් පැවරුවහොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා ඊට අමතර වන්දි මුදලක් ද, නඩු ගාස්තු ද ගෙවීමට සිදුවන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස්කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.
මාර්ග තදබදය අවවම කිරීම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
විගණක වාර්තාවේ දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය ආරම්භයේ දී ම පෙර ගෙවුම් ගාස්තුවක ලෙස රුපියල් කෝටි 10.4ක් ව්‍යාපෘතියට යොදවා ඇති බවයි. ව්‍යාපෘතිය සම්පූර්ණයේන අවසන් වූ විට එම මුදලින් 50%ක් හෙවත් රුපිියල් කෝටි 5.2ක මුදලක් ආපසු ගෙවීමට නියමිතව තිබිණි. නමුත් ව්‍යාපෘතිය අතරමග නැවතීම හේතුවෙන් එම මුදල ද අහිමි වෙයි.
2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) වසර 12ක සහන කාලයක් සහිතව වසර 40ක දී ගෙවීම සඳහා සහන පොළී පදනමක් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.
විගණන වාර්තාවේ දැක්වෙන්නේ 2020 සැප්තැම්බර් මස 24 වැනි දා කිසිදු හේතු දැක්වීමක් නොමැතිව කැබිනට් තීරණයක් මගින් මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඇති බවයි.