ගාල්ල හියාරේ ජලාශයේ ගිලී ඊයේ (06) සවස පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ සේවකයෙකි.
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජලය ලබාදීමට ඉදිකර ඇති හියාරේ ජලාශය තවමත් පාලනය වන්නේ මහ නගර සභාව මගිනි. එබැවින් එම පරිශ්‍රයට ඇතුළුවීමේදී ප්‍රවේශපත්‍රයක් මිල දී ගත යුතුය.
නමුත් අතුරුදන් වූ තැනැත්තා එහි ඇතුළු වී ඇත්තේ නීත්‍යානුකූළ ප්‍රවේශයෙන් නොවන බවත් ගමේ සිට හියාරේ රක්ෂිතය මැදින් ජලාශය දක්වා පැමිණ ඇති බවත් පොලිසිය කියයි. ඔවුන් එම ස්ථානයේ බීමත්ව සිටිබවට ද තොරතුරු අනාවරණය වී ඇත. ජලාශයේ ඔබේවත්ත මුල්ල නමැති ස්ථානයේ දී ඔහු අතුරුදන්ව ඇති අතර සිරුර සොයාගැනීම සඳහා අද නාවික හමුදා කිමිඳුම්කරුවන් ද යොදා ඇත.