ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ දෙවැනි මහලේ පිහිටි 58 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි රෝගියකු අද (27) උදෑසන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙලෙස බිමට පැන ඇත්තේ ඩී.හෙට්ටිආරච්චි නමින් රෝහල්ගතව සිටි 35 හැවිරිදි පුද්ගලයකු යැයි රෝහල් පොලිසිය සඳහන් කරයි. ඔහු පවසා ඇත්තේ තමන් වීරවිල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළකු බවයි.
බිමට පැනීම හේතුවෙන් සිහිනැති තත්වයට පත්ව සිටින මෙම රෝගියා සීටී ස්කෑන් පරීක්ෂණයක් සඳහු පුද්ගලික රෝහලකට යැවූ බව රෝහල් ප්රකාශකයකු කීවේය. කරාපිටිය රෝහලේ කිසිදු සීටී ස්කෑන් යන්ත්රයක් ක්රියාත්මක තත්වයේ නොමැති බැවින් රෝගීන් හම්බන්තොට රෝහලට හෝ පුද්ගලික රෝහල්වලට යවා අදාල පරීක්ෂණ කරගැනීමට සිදුව ඇත.