spot_img
spot_imgspot_img

පාඩු ලබන තෙල් සංස්ථාවේ ලාභ ලබන ලොක්කෝ

පුවත්

විදෙස්

කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිරික්තයක් තිබුණ ද එහි ඇතැම් නිලධාරීන්ට පැය 150 ඉක්ම වූ අතිකාල දීමනාවක් සෑම මාසයක ම ලබා දෙන බව වාර්තා වේ.

මෙවැනි අතිකාල දීමනාවක් ගෙවනු ලබන්නේ අතිකාල ගෙවීම් සීමා කරන ලෙස මහ බැංකුව විසින් සියලු ම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබිය දී ය.

තෙල් සංස්ථාවේ ම සේවකයන් පවසන්නේ එහි විධායක නිලධාරීන්ට රාත්‍රී 7.00න් පසු නිවසට ම යාම සඳහා ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් සපයන බැවින් ඔවුන් අතිකාල දීමනාවත් ලබාගෙන ප්‍රවාහන පහසුකමත් රැගෙන නිවසට යන්නේ කිසිම වැඩක් නොකර කාලය කා දමමින් බවයි. මේ නිලධාරීන්ගෙන් වැඩි දෙනෙකුට 4% පොලියට වාහන ණය පහසුකමක් ද හිමිවී තිබේ.

ඊට අමතරව පැමිණීමේ දීමනාවක්ද  ඔවුන්ට හිමිව ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අංශ තුනක සේවකයන් රාත්‍රී10.00 දක්වා අතිකාල සේවා සිදුකරයි. ඔවුන්ට සෙනසුරාදා ‍අතිකාල සේවා කිරීමෙන් පසු සතියේ දිනක නිවාඩු ගැනීමේ පහසුකමක් ද හිමිව තිබේ.

සංස්ථා සේවකයන් පවසන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ට අතිකාල දීමනා ගෙවීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!