කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 17,540 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,437 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 216ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,817 ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 263
- සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංගුව රුපියල් මිලියන 231
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 186
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 06
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව 13%
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 11%
- ඒෂියා කැපිටල් සමාගම (X) 10 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 04ක් රුපියල් 28.00 බැගින්
- සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් ලක්ෂ 1.07 රුපියල් 200.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 239
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 96ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 94ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 32
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 18
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 09
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 0.8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ