spot_img
spot_imgspot_img

බුද්ධාගම ගුරුවරයාගේ පහරදීමකින් සිසුවෙක් රෝහලේ

පුවත්

විදෙස්

පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු පහර දීමෙන් 10 ශ්‍රේණියේ සිසුවකුගේ කනට හානි සිදුවීම සම්බන්ධයේන අද (18) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පාදුක්ක පොලිසිය පවසයි.

හෝමාගම පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව පාදුක්ක පොලිසිය මේ සම්බන්ධ මූලික කරුණු විමර්ශනය කර දරුවාගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පාදුක්කමලගල ප්‍රදේශයේ පදිංචිව සිටින සිසුවෙකි. ඔහු බුද්ධ ධර්මය විෂයයට අදාල පොතක් පාසලට රැගෙන නොයාම සම්බන්ධයෙන් කෝපයට පත් ගුරුවරයා සිසුවාගේ කනට පහර දී ඇති බවත් එම පහර දීමෙන් පසු කනෙන් දිගටම ශබ්දයක ඇසෙන්නට වීම හේතුවෙන් පුද්ලික වෛද්‍ය මධයස්ථානයකට ගොස් වෛද්‍යවරයකුට දරුවා පෙන්වූ බවත් එම වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝහල්ගත වූ බවත් දරුවාගේ පියා පවසයි.

දරුවාගේ පියා පවසන්නේ සිද්ධිය පිළිබඳ තමන් විදුහල්පතිවරයා දැනුම්වත් කළ විට ඒ සම්බන්ධයෙන් සොයා බලන බවට පොරොන්දු වූ බවයි.  

මේ පිළිබඳ අප පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උදාන ගීගනගේ අමතා විමසූ විට ඔහු කියා සිටියේ එවැනි පරහදීමක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී නැති බවයි. නමුත් දෙමාපියන් විදුහල්පතිවරයාට මේ බව පැමිණිලි කළ බවට පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී ඇති බව පැවසූ විට විදුහල්පතිවරයා දුරකථනය විසන්ධි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!