කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 14,224 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 976 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,034ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 140
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 105
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 94
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
- සෙරන්ඩිබ් හෝටල් සමාගම ® කොටස් මිලියන 08
- සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) ® කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- නේෂන් ලංකා සමාගම 09%
- ලාෆ් ගෑස් සමාගම (X) 10 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 05 රුපියල් 139.00 බැගින්
- හුන්නස් ෆෝල්ස් සමාගමේ කොටස් ලක්ෂ 09 රුපියල් 40.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 260
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 03 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 57ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හුන්නස් ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 36
- හේමාස් සමාගම රුපියල් මිලියන 05
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 03
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- බයිරහා ෆාම්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ