විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියේ පෙර තීන්දුව වෙනස් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි නුවරදී ඇප නියම විය.
ධනුෂ්කට ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000ක ඇපයක් නියමවුණු අතර ඇප කොන්දේසි ලෙස විදේශ ගමන් බලපත්‍රය භාර දීම, දිනකට දෙවරක් පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා පිටතට යෑම තහනම් කිරීම, පැමිණිලිකාරිය සමග සම්බන්දතා පවත්වා නොගැනීම සහ ටින්ඩර් ඇතුළු මිතුරන් හඳුනාගන්නා මෘදුකාංග වෙත ප්‍රවේශ වීම තහනම් කිරීම ඇතුළත් වේ.
එම චෝදනා විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු ත්‍රිපුද්ගල මණ්ඩලයක් පිහිටුවා තිබේ.
ධනිෂ්ක ගුණතිලක, වීඩියෝ සබැඳියක් හරහා සිඩ්නි උසාවියේ පෙනී සිටි අතර, ඔහු නොවැම්බර් 7 වන දින, පළමු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසු අත්අඩංගුවේ පසුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යාමට පැය 6 කට පෙර නොවැම්බර් 1 වැනි දින අලුයම 1 ට පෙර අත්අඩංගුවට ගත් ගුණතිලකට, සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී 29 හැවිරිදි කාන්තාවක් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදවීම ඇතුළු චෝදනා හතරක් ගොනුකර තිබිණ.
සිඩ්නි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, පෙර වැරදි නොතිබීමත් නඩුව නැවත කැඳවන්නේ 2024 වසරේ වීමත් හේතුවෙන් ඇප ලබාදෙන බවයි. නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරීක්ෂා කිරීමට ද විනිසුරුවරයා ධනිෂ්කගේ නීතිඥයන්ට අවසර ලබා දුන්නේය.