ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අභිමතයට වසා දමා තිබූ කළුවැල්ල, ටෙම්ප්ලර්ස් මාර්ගය සම්බන්ධයෙන් අද (16) උදෑසන rata.lk අපි පළ කළ පුවතින් පසු එම මාර්ගයේ බාධක ඉවත් කිරීමට විදුහල් පාලන අධිකාරිය කටයුතු කර තිබිණි.
ගාල්ල මහ නගර සභාව සහ ගාල්ල මූලස්ථාන පොලිසිය කරන ලද දැනුම්දීම් අනුව පවා විවෘත නොකෙරුණු මාර්ගය අද දහවල් විවෘත කෙරිණි.
පොලිසිය භාවිතා කරන ආකාරයේ මාර්ග බාධක සකස් කර මේ මාර්ගය දෙපසින්ම වසා දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වන බවත්, එය නීති විරෝධී කටයුත්තක් බවත් අපි අනාවරණය කළෙමු.
මේ මාර්ග බාධක ඉවත්කිරීම සඳහා ඇලුවීෂියස් විද්‍යාලයේ සිසු දරුවන් යොදාගෙන තිබූ අතර පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් මේ සඳහා සහභාගී කරගෙන තිබුණේ නැත.