විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි.
එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වා වැඩිකර තිබේ. පහත දැක්වෙන පරිදි ඒ ඒ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු වැඩිකර ඇත.
සේවාව | වත්මන් ගාස්තුව | නව ගාස්තුව |
එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුව | 15,000.00 | 20,000.00 |
එක්දින සේවය යටතේ වයස අවුරදු 16ට අඩු දරුවන්ට වසර 03ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව | 7,500.00 | 9,000.00 |
සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුව | 3,500.00 | 5,000.00 |
සාමාන්‍ය සේවය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට වසර 03ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව | 2,500.00 | 3,000.00 |
නිකුත් කර වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල | 11,500.00 | 20,000.00 |
නිකුත් කර වසරකට වැඩි කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල | 11,500.00 | 15,000.00 |
ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රයේ සංශෝධනයක් සිදුකිරීම | 1,000.00 | 1,200.00 |
විදෙස් ගමන් බලපත් විදෙස් රටවල් සඳහා කුරියර් කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ ගාස්තුව | 1,150.00 | 2,000.00 |
ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නොමැති රටවලින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සෘජුවම භාර දීම සඳහා වන ගාස්තුව | 23,200.00 | 40,000.00 |
ශ්‍රී ලකා විදේශ දූත මණ්ඩල නොමැති රටවලින් විදේශ ගමන් බලපත්‍රය සෘජුව ම භාර දීම සඳහා වන ගාස්තුව (විදේශ ගමන් බලපත්‍රය නැති වූ අවස්ථාවල) | 50,000.00 | 70,000.00 |