spot_img
spot_imgspot_img

වැවක ගිලී දැරියන් තිදෙනකු මරුට

පුවත්

විදෙස්

සූරියවැව මහවැලි කඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද (12) අතුරුදන්ව සිටි ගැහැනු ළමයින් තිදෙනාගෙන් එක් අයකුගේ සිරුර සොයාගත් බව පොලිසි පවසයි.

අවුරුදු 18,17 සහ 10 වයස්වල පසුවන තිදෙනකු අතුරුදන් වූ අතර 10 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගැණිනි.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඔරුවේ පුද්ගලයන් 08 දෙනකු සිටි අතර ඒ අතරින් බිළිඳකු ඇතුළු 05 දෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

එම පස්දෙනා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට සූරියවැව ඥාතියකුගේ  නිවසක පැවති උත්සවයකට සහභාගීවීමට පැමිණි පිරිසක. ඔවුන් මසුන් අල්ලන බෝට්ටුවක් භාවිතා කරමින් වැවේ ගමන් කර ඇති අතර වැවේ ගැඹුරු ප්‍රදේශයේ දී එය පෙරැළී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!