කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 17,837 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,123 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 224ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,277ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 235
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 133
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 72
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 6.2
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.6
- එස්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 13%
- කුඩා තේවතු සමාගම 08%
- සෙලාන් බැංකුව (X) 06%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 2.6ක් රුපියල් 16.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 300
- ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 183
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 91ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 83ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපිියල් මිලියන 20
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 15
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
හේලීස් සමාගම රුපියල් මිලියන 0.3
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ