කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (06) ආරම්භ වූ ගැටුමක් අතරතුර 05 දෙනකු තුවාල ලබා 50ක පමණ පිරිසක් පළා ගොස් ඇත.
නොසන්කාරී තත්වය තවදුරටත් වතින බැවින් පොලිසියේ සහ හමුදාවේ සහය ඉල්ලා ඇති බව ද පළා ගිය පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මෙම ගැටුමට මුල් වී ඇත්තේ දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමකි. ඔවුන් දෙදෙනා සමඟ විශාල පිරිසක් දෙපැත්තට බෙදී ඇති බවත් අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ගල්මුල්වලින් පවා එකිනෙකාට ප්‍රහාර එල්ලකරගෙන ඇති බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“රාත්‍රියේ ම පොලිසිය සහ යුද හමුදාව කැඳවීමට සිදු වුණා. දැන් යම් තරමකට මේ තත්වය පාලනය කර තිබෙනවා. නමුත් තවමත් කිසියම් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙනවා. පළා ගොස් ඇති අය සොයා ගැනීමටත් මෙහෙයුම් ආරම්භ කළා.”