spot_img
spot_imgspot_img

කොළඹ සුපිරි හෝටලයක සැප ගත් භික්ෂුව රිමාන්ඩ්

පුවත්

විදෙස්

කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන කා බී මුදල් නොගෙවා පළාගිය බෞද්ධ භික්ෂුවක් ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කෙසෙල්පොත මෛත්‍රී නමැති භික්ෂුවකි. එම භික්ෂුව දින 18ක් හිල්ටන් හෝටලයේ නැවතී සිටි බවත් ආහාර පාන සඳහා වූ ගාස්තු සහ කාමර ගාස්තු ලෙස අයවිය යුතු රුපියල් 527,000.00ක් නොගෙවා පළා ගිය බවත් හෝටල් පරිපාලනය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි. දින 18ක් හෝටලයේ සිටි එම භික්ෂුව අසනීපයක් ඇති බව කියමින් රෝහල්ගත වී රෝහලෙන් පළා ගොස් ඇති බව ‍හිල්ටන් ‍හෝටලයේ ආගන්තුක සේවා අංශයේ සේවයේ නිරත කෝසල ප්‍රනාන්දු නැමති අයකු මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.

එම පැමිණිල්ල අනුව කරන ලද විමර්ශනයක දී කෙසෙල්පොත මෛත්‍රී නමැති භික්ෂුව මහියංගණ රඹකැන් පුරාණ විහාරස්ථානයේ සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම භික්ෂුව අධිකරණයට ඉදිරිපත් කිරිමට සූදානම්වන අවස්ථාවේ දී ද අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. ඒ අනුව සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට ගොස් අනතුරුව මෙම නියෝගය කළේය.

අධිකරණයේ දී අනාවරණය වූයේ පසුගිය අගෝස්තු 31 වැනි දා හිල්ටන් හෝටලයට පැමිණි එම භික්ෂුව සැප්තැම්බර් 19 වැනි දින දක්වා එහි රැඳී සිටි බවයි. එදින අසනීප තත්වයක් හේතුවෙන් 1990 ගිලන් රථයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු හෝටලේ බිල නොගෙවා ම මහියංගණයේ විහාරස්ථානයට ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!