කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 12,686 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,561ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 419
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 193
- ජෝන් කීල්ස් සමාගම රුපයල් මිලියන 40
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 3.9
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 3.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඩයලොග් ෆිනෑන්ස් සමාගම 21%
- හුන්නස් ෆෝල්ස් සමාගම 08%
- මහවැලි රිසෝට් සමාගම 07%
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ ආකාරය
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.5ක් රුපියල් 6.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 33ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සීටී හෝල්ඩින්ස් සමාගම රුපිියල් මිලියන 35
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04
- හේකාබ් සමාගම රුපියල් මිලියන 03
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 3.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ