spot_img
spot_imgspot_img

සකසුරුවමින් අනාගතය ජයගන්න හැටන් නැෂනල් බැංකුව සමඟ ඉතිරි කරන්න

පුවත්

විදෙස්

ඔක්තෝබර් මාසය ශ‍්‍රී ලාංකික අපට මෙන්ම ලෝකවාසී සියලූම දෙනාට වැදගත් වන තවත් හේතුවක් නම් ඔක්තෝම්බර් 31වන දිනට යෙදී තිබූ ලෝක සකසුරුවම් දිනය යි. 1924දී ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග‍්‍රසය විසින් සෑම වසරකම ඔක්තෝම්බර් 31 වැනිදා ලෝක සකසුරුවම් දිනය ලෙස නම් කළ අතර, මෙවර අප සමරන්නේ 98 වැනි ලෝක සකසුරුවම් දිනය යි. ඉතිරිකිරීම හා සකසුරුවම අපට ආගන්තුක සංකල්පක් නොවේ, සමාජ තරාතිරම කුමක් වුවද ආගම, භාෂාව ජාතිය කුමක් වුවද සියලූ දෙනා කුඩා කල සිට ඉතිරිකිරීමේ වටිනාකම පිළිබඳ නොයෙකුත් කතා අසා ඇත.

ඉතිරිකිරීම යනු පෞද්ගලිකව මෙන්ම රටක් වශයෙන් ද ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය පුරුද්දකි. ඒ නිසාම ඉතිරි කිරීමේ පුරුද්ද මෙරට ජනතාව තුළ ප‍්‍රවර්ධනය කරමින් එම ඉතුරුම් සඳහා වැඩි ප‍්‍රතිලාභ ලබා දීමට සැමවිටම කටයුතු කරන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අදට යෙදී තිබෙන ලෝක සකසුරුවම් දිනය නිමිත්තෙන් ජනතාවගේ සියලූම මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් හා සේවා ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ විශාලතම වාණිජ බැංකු අතරින් එකකි. මේ රටේ ජනතාවගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් අපි විවිධ මූල්‍ය විසඳුම් හා සේවාවන් දියත් කරනවා. ළමා ඉතුරුම් ගිණුමේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් දක්වා වූ විවිධ සේවාවන් සපයන HNB, අපගේ ගනුදෙනුකරුවන් වෙත නවතම මූල්‍ය විසඳුම් හා සේවාවන් හඳුන්වා දීම හරහා සකසුරුවමට හුරුපුරුදු කරවීමට නිරන්නතරයෙන් කැප වී සිටිනවා.’’ යනුවෙනි.

බාල වයස්කාර ළමුන් සඳහාම ක‍්‍රියාත්මක කරන HNB හි තවත් ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහනක් වනනේ ‘‘ගිෆ්ටෝබර් ඉතුරුම් ප‍්‍රවර්ධන මාසයයි”. සෑම විටම පාරිභෝගිකයාට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ ඉතුරුම් ප‍්‍රවර්ධනය සැප්තැම්බර් 30 වනදා සිට නොවැම්බර් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වනවා. මේ තුළින් ගිණුම් හිමියන්ට ඔවුන්ගේ තැන්පතු වටිනාකම මත වටිනා ත්‍යාග හා ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට හැකියාව ඇත.

ළමුන් තුළ නිර්මාණශීලිත්වය සහ කලාත්මක කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමගාමීව ළමා චිත‍්‍ර තරගයක් ද බැංකුව විසින් සංවිධානය කර තිබෙනවා. වයස කාණ්ඩ කීපයක් යටතේ ක‍්‍රියාත්මක වන මෙය යටතේ දරු දැරියන්ට ”අනාගත ශ‍්‍රී ලංකාව” යන තේමාව ඔස්සේ අඳින ලද තම සිතුවම් HNB ෆේස්බුක් පිටුව වෙත යොමු කළ හැකියි. මෙම චිත‍්‍ර තරගය පිළිබඳ වැඩි විස්තර බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි අතර ජයග‍්‍රාහකයින්ට වටිනා මුදල් ත්‍යාග ද පිරිනමනු ලබනවා.

ඉතිරි කිරීමේ ගිණුම් ගැන සැලකීමේදී කෙටි කාලීන මුල්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට HNB Capital Savings සහ HNB Savings Plus යන ගිණුම් භාවිතා කළ හැකිය. මෙම ගිණුම් මගින් ඉහළ පොළී අනුපාතයක් හිමි වේ. HNB Savings Plus ගිණුමෙහි විශේෂත්වය වන්නේ ගිණුම් ශේෂයෙන් 90%ක් දක්වා තැන්පතු මත ක්ෂණික ණය පහසුකම් සහ HNB Digital Banking app එක හරහා ගනුදෙනු කටයුතු සිදු කිරීමේදී නොමිලේ අන්තර්ජාල සහ ජංගම බැංකු පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පිරිනැමීමයි.

තවද වැඩිහිටියන්ට හා බාල වයස්කාර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගැලපෙන අවශ්‍යතා හා වුවමනා ඉලක්ක කරගත් ආයෝජන අවස්ථා තුළින් ඔවුන් අපේක්ෂිත මූල්‍ය අරමුණු හා සිහින පසුපස හඹායාමට අවස්ථාව ලබා දීම සඳහා සුවිශේෂී HNB Investment Plans මෑතකදී HNB හඳුන්වා දුන්නේය. මෙමගින් ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මාසික වාරිකය, ආයෝජන කාල සීමාව හා ඉලක්ක මත පදනම්ව නම්‍යශීලී හා ආකර්ෂණීය අනුපාත පිරිනමයි.

මීට අමතරව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා හඳුන්වා දුන් ‘HNB ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම’ වියපත් ප‍්‍රජාව වෙත හඳුන්වා දුන් ප‍්‍රශස්ත ගිණුමක් ලෙස හැඳින්විය හැක. මෙම ගිණුම මඟින් වයස අවුරුදු 60 සහ ඊට වැඩි ගනුදෙනුකරුවන්ට ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොළී අනුපාත, ප‍්‍රමුඛතා සේවාවන්, ක්‍රෙඩිට් කාඞ්පත්වල වාර්ෂික ගාස්තුවෙන් 25% ක වට්ටමක් මෙන්ම ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යාම වෙනුවෙන් තෑගි වවුචර ආදිය පිරිනැමේ. එමෙන්ම රුපියල් 500,000 ට වැඩි ස්ථාවර තැන්පතු හිමි ගිණුම් හිමියන්ට රෝහල්ගත වීමකදී රුපියල් 70,000 දක්වා රෝහල් ගාස්තු ආපසු ගැනීමේ අවස්ථාව ඇත.

වර්තමානයේදී ශ‍්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල මෙන්ම ළමුන් වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරිනමන කැපී පෙනෙන වැඩසටහනක් ලෙස HNB දිරි දරු ශිෂ්‍යත්ව ක‍්‍රමය හඳුන්වා දිය හැකියි. එමගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමි දු දරුවන්ට මෙන්ම අධ්‍යන පොදු සහතික පත‍්‍ර විභාග හා ලන්ඩන් O/L හා A/L විභාගවලින් විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගන්නා HNB ගිණුම් හිමි දරුවන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනමනවා. මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ගේ ගිණුම්වල අවම ශේෂයක් පවත්වා ගත යුතුයි.

ශ‍්‍රී ලාංකීය පුද්ගලික වාණිජ බැංකු ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ළමා ඉතුරුම් ගිණුම ලෙස HNB සි`ගිති ඉතුරුම් ගිණුම අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. අලූත උපන් බිළිඳුන් සඳහා හඳුන්වා දී ඇති ඉතිරිකිරීමේ ගිණුම් ක‍්‍රමය වන්නේ ‘‘සිඟිති කිරිකැටියෝ” ය. සියලූම කිරිකැටියෝ ගිණුම් දරුවාගේ වයස අවුරුදු පහ සම්පූර්ණ වීමේදී සිඟිති ළමා ගිණුම් බවටත් වයස අවුරුදු 12 පිරීමේදී HNB TEEN ගිණුමක් බවටත් වයස අවුරුදු 18 පිරීමේදී HNB Youth ගිණුමක් බවටත් ස්වයංක‍්‍රීයව පරිවර්තනය වේ.

තවද පාසල් ළමුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශිෂ්‍ය ඉතුරුම් ඒකක සංකල්පය 1993 වසරේදී ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන ලදී. එතැන් සිට බැංකුව ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් ඒකක 162කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි සිය සේවාවන් ව්‍යාප්ත කර තිබෙනවා. මෙහි නායකයකත්වය ගැනීමට ශිෂ්‍ය කළමනාකරුවන් සූදානම් කිරීම හා එයට ක‍්‍රියාකාරී ලෙස දායක කරගනිමින් අනෙකුත් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රවර්ධනය කිරීම මෙම ඒකක හරහා සිදු වෙයි. වාර්ෂිකව බැංකුව මගින් 1000 කට අධික සිසු සිසුවියන් සංඛ්‍යාවක් මේ යටතේ පුහුණු කරනු ලබන අතර එමගින් අනාගත නායකයින් ජාතියට දායාද කිරීමට පෙරමුණ ගනිමින් අනගි ජාතික මෙහෙවරක නිරත වෙනවා.

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් වුවත්, ස්ථාවර තැන්පතුවක් වුවත්, අප ඉතිරි කරන බැංකුව කුමක් වුවත්, ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරගැනීම ඉතා වටිනවා. HNB සිඟිති ළමා ඉතුරුම් ගිණුමේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් දක්වා වගේම අපගේ ස්ථාවර තැන්පතු ගිණුම් හරහාත් අප අඛණ්ඩව උත්සාහ කරන්නේ මේ රටේ ජනතාව සකසුරුවමට හුරු කරවීමටයි

සංජේ විජේමාන්න
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!