spot_img
spot_imgspot_img

පොලිසිය, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොතකා පුරවැසි අයිතියට පයින් ගසයි

පුවත්

විදෙස්

රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කරමින් පොලිසිය අද (02) කොළඹ පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණය නතර කිරීම සඳහා විවිධ අණ පනත්වල සඳහන් කරුණු ඉදිරිපත් කරමින් එහි සංවිධායකවරුන්ට බලපෑම් කරමින් සිටියි.

පොලිස් ආඥා පනතේ සහ වෙනත් නීතිවල කුමක් සඳහන්ව තිබුණ ද රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මානව හිමිකම් අනුව ආණ්ඩුවට විරෝධය දැක්වීමට පුද්ගලයන්ට අයිතියක් ඇති බවත් ඊට බලපෑම් නොකරන ලෙසත් මානව හිමිකම් කොමිසම පොලිසියට දැනුම් දී තිබිය දී පොලිසිය මෙවැනි බලපෑමක් කරමින් සිටියි.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක් අද මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ දැනුම් දීම් පවා නොතකමින් පොලිසිය එම දේශපාලන පක්ෂවලට සහ සිවිල් සංවිධානවලට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ අද පැවැත්වෙන මෙම විරෝධතාවට අවසර ලබා නොදෙන බවයි.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත. හිරුණිකා ප්‍රේමචන්ද්‍රවෙත යවන ලද ලිපියේ පිටපතක් පහළින් සඳහන් කර ඇත.

පොලිසිය එම ලිපිය මගින් පවසන්නේ විරෝධතාව හේතුවෙන් කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බවයි. එබැවින් එම කටකයුතු ප්‍රමාදවන බැවින් එම විරෝධතාව නතර කරන්න යැයි ද පොලිසිය සඳහන් කර ඇත්තේ අණ පනත් කිහිපයක සඳහන් වගන්ති පවා උපුටා දක්වමිනි.

සිවිල් ක්‍රියාකාරිකයන් සඳහන් කරන්නේ මානව හිමිකම් කොමිසමේ උපදෙස් පවා නොතකා අනීතික ලිපියක් නිකුත් කර ඇති එම නිලධාරීන්ට සහ සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධව කටයුතු කරන ‍සියලු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. ‍

එමෙන් ම පොලිසිය කුමක් කීව ද අද (02) විරෝධතාව පෙර සඳහන් කළ පරිදි නොවෙනස්ව පැවැත්වෙන බව ද ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!