spot_img
spot_imgspot_img

විෂ දුමක් හේතුවෙන්, පානදුර පාසලක සිසුන් 54ක් රෝහලට

පුවත්

විදෙස්

පානදුර රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 54 දෙනකු හදිසියේ රොගාතුර වී රෝහලට ඇතුළත් කළ බව ‍පානදුර මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දරුවන්ට විෂ දුමාරයක් ආඝ්‍රානය වී ඇතැයි වෛද්‍යවරු සැක කරති.

පාසල ආසන්නයේ කිසියම් ස්ථානයක යමක් පුළුස්සා ඇති බවත් එම දුම පැමිණීමෙන් පසු දරුවන් රෝගී වූ බවත් ඒ සමඟ ම ඔවුන් රෝහල්ගත කළ බවත් විදුහල් ප්‍රකාශකයකු කීවේය.

මෙම සිද්ධිය සැළවීමත් සමඟ දෙමාපියන් පැමිණ අනෙක් සිසුන් නිවෙස්වලට රැගෙන යාමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රාථමික අංශය පිහිටා ඇත්තේ පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ මැදවේල්ල මාර්ගයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!