පොලිස් ආඥා පනතේ ඇති ප්‍රතිපාදන යොදාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර නොහැකියැයි මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ.
එම කොමිසම මේ බ සඳහන් කර ඇත්තේ අද (02) රජයට එරෙහිව පැවැත්වෙන පා ගමනට අවසර ලබාගන්න යැයි පොලිසිය කරන ලද දැනුම් දීමක් නීති විරෝධී බව සඳහන් කරමින් වෘත්තීය සමිති කිහිපයක් සහ බහුජන සංවිධාන කිහිපයක් කරන ලද පැමිණිල්ලක් සැළකිල්ලට ගනිමිනි.
මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවයි. පොලිස් ආඥා පනත හෝ වෙනයම් නීතියක් හෝ භාවිතා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩ කිරීමට නොහැකි බවත් එසේ සිදුවන්නේ නම් බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
පසුගිය ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා වෙත යොමුකරන ලද නිර්දේශ කෙරෙහි පොලීසියේ අවධානය යොමුකරන ලෙස එම නිවේදනය මගින් දැනුම් දී තිබේ.
අද දින පාගමන සිදුවන අවස්ථාව අධීක්ෂණය සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට ද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.