කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 13,230ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,262ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,605ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 489
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 236
  • ජෝන් කීල්ස් සමාගම රුපයල් මිලියන 55

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 3.9
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 2.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 50%
  • නේෂන් ලංකා බැංකුව 20%
  • එක්ස්පෝ ලංකා සමාගම 11%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 326
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපිියල් මිලියන 21
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
  • නෙස්ලේ සමාගම රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles