කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 14,380 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,009ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,728ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 143
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 137
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපයල් මිලියන 82
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
- මුලර්ස් සමාගම කොටස් මිලියන 04
- රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- රේඩියන් ජෙම්ස් සමාගම 15%
- ඔඩෙල් සමාගම 07%
- සෙලාන් බැංකුව 06%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 315
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 141ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 04ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 137ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපිියල් මිලියන 48
- සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 26
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 25
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- බයිරහා ෆාම්ස් සමාගම රුපියල් මිලියන 1.3
- එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල්ස් සමාගම රුපියල් මිලියන 0.4
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ