පිරමීඩ ජාවාරමක් සිදුකරමින් මෙරට පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1,400ක් හෙවත් බිලියන 14ක මුදලක් වංචා කළ බවට සැකපිට චීන යුවළක් සහ ශ්‍රී ලාංකික සැකකරුවකු අත්අඩගුවට ගෙන විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ස්පෝර්ට් චේන් නමින් හැඳින්වෙන මෙම නීති විරෝධී ව්‍යාපාරය පවත්වාගෙන යමින් පුද්ගලයන් 8,000ක පමණ පිරිසක් ඊට සම්බන්ධ කරගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍යාමල් කීර්ති බණ්ඩාර නමැති පුද්ගලයකු සහ චීන ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි. චීන ජාතික යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 12 වැනි දා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ රටින් පිටවීමට උත්සාහ ගැනීමේ දී ය.
2020 වර්ෂයේ සිට ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවත් ඒ වෙනුවෙන් පරිගණක මෘදුකාංගයක් පවා සකස් කර ආයෝජකයන් තරු හෝටල්වලට ගෙන්වා සාකච්ඡා පවත්වා මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.