ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් අහිමි වී ඇතත් ද්විත්ව පුරවැසි බව සඟවාගෙන තවදුරටත් මන්ත්‍රීධූරයේ රැඳී සිටින පුද්ගලයන් සිටිය හැකි බැවින් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් හඳුනාගැනීමට ආගමන විගමන පාලකගේ සහාය ලබා ගැනීමට කතානායකවරයා තීරණය කර තිබේ.
ව්‍යවස්ථාව සංශෝධනය වීමත් සමඟ ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇත. එම සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මතවීමත් සමඟ එවැනි පුද්ගලයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි. එසේ වුව ද ඇතැම් මන්ත්‍රීවරු තම පුරවැසිභාවය පිළිබඳ සත්‍යය සඟවාගනිමින් කටයුතු කරන බවට ඇති සැකයක් හේතුවෙන් කතානායකවරයා ආගමන විගමන පාලකගේ සහය ලබාගන්නා බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ඉල්ලීමට අනුව මේ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ද්විත්ව පුරවැසියන් සොයා විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් එමගින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයකු ද්විත්වපුරවැසියෙක් බව තහවරු වී ඇති බවත් දැනගන්නට ඇත.