යාල වනයට ඇතුළු වී ජීප් රථවලින් සෙල්ලම් දැමූ පිරිස එහි ඇතුළු වූයේ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ දුරකථන ඇමතුමකට බවත්, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණා කෙනෙකු ඇතුළු කණ්ඩායමක් එහි සිටි බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙලෙස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කළ පිරිස සම්බන්ධයෙන් පරිසරවේදී සජීව චාමිකර අන්තර්ජාල මීමැස්සෝ යූටියුබ් නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කරුණු දැක්වූයේය. (එම වීඩියෝව සම්පූර්ණයෙන් ම පහතින් පළ කර ඇත)
එලෙස පැමිණි පිරිස අතර අමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ද සිටින බවත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ බෑනා කෙනෙකු ඇතුළු දේශපාලන සම්බන්ධතා සහිත පිරිසක් සිටින බවත් ඔහු චෝදනා කරයි.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පිරිස වනෝද්‍යානය තුළට ඇතුළු කරන ලෙස උද්‍යාන භාරකරුට දුරකථනය හරහා දැනුම් දී ඇති බවත් හෙළිකළ සජීව චාමිකර මහා පරිසර විනාශය යට ගැසීම සඳහා ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් එක්වී නිලධාරීන් සමඟ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ද සඳහන් කළා.