ජීප් රථ 35කින් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කළ ඇමති පුත්‍රයකු ඇතුළු පිරිසක් පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 23 වැනි දා මෙම පිරිස වනෝද්‍යානයට ඇතුළු වී එහි කාලප අංක 01 සහ 02 වෙත ගමන්කර ඇත. ජීප් රථ 35ට මඟ පෙන්වීම සඳහා වනජීවී නිලධාරීන් කිහිප දෙනකු ලබා දී තිබුණ ද ඔවුන්ගේ උපදෙස් නොතකා මෙම පිරිස කටයුතු කර ඇතැයි ද මේ වනවිට අනාවරණය වී තිබේ.
මග පෙන්වීමට ගිය නිලධාරීන් ද ඔවුන්ගේ මෙම නොමනා හැසිරීම පිළිබඳ වාර්තා කර නැතැයි ද වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසයි. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කැබිනට් අමාත්‍යවරයකුගේ පුත්‍රයකු සමඟ මෙලෙස වනෝද්‍යානයට ඇතුළු වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජිකයන් පිරිසක් සහ නිකවැරටිය කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බව ද මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
ඔවුන් තමන් සමඟ පැමිණි වනජීවී නිලධාරීන් ද මඟහැර ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. එම රථ කිහිපයයක් සතුනට බාධ වන අයුරින් කටයුතු කර ඇති බැවින් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඇමති මහින්ද අමරවීර ද වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.
හැම දාම ඔය දේශපාලුවන්ගේ අවජාතක ජාන තමයි මේ රට විනාස කරේ ඕකුන් මේ රටට විනාසයක් මිසක් හොද දෙයක් කරේ නෑ හොද දෙයක් වෙන්නෙ කොහොමද දේශපාලුවන් මේ රට විනාස කරපු අවජාතකයෝ වෙද්දි ඕකුන්ව මෙ ලෝකෙට වදාපු දෙමාපියන් කිසිම කාලේක ආයේ මනුෂ්‍ය ආත්ම ලබන්නෙ නෑ සක්කිලි 225ක් මේ ලෝකේට බිහිකරලා..