ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මිල දී ගෙන තිබූ අමුද්‍රව්‍ය 82.15%ම නියමිත ප්‍රමිිතියෙන් තොර යැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කළ ලේඛනකින් තහවුරු වෙයි.
එම වර්ෂයේ දී අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම 213ක් මිල දී ගෙන තිබූ අතර ඉන් කිලෝ ග්‍රෑම් 175ක් ම නිවැරදි ප්‍රමිතියෙන් තොර බව හෙළි වී තිබේ.
මෙම අමුද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා රජය විසින් වැය කර තිබූ මුදල ද රුපියල් ලක්ෂ 30කට අධිකය. මේ හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 26කට වඩා වැඩි බව ද විගණන වාර්තාවේ දැක්වේ. ඖෂද නිෂ්පාදන සංස්ථාව විසින් විවිධ හේතූන් මත ඖෂධ නිෂ්පාදනය වරින් වර නතර කිරීම හේතුවෙන් මේ පාඩුව සිදුව ඇතැයි ද පැවසෙ.
නිෂ්පාදනය මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඖෂධ පෙතිවල විචලතා, අයහපත් පෙනුම හා පෙති කැඩීයාම වැනි හේතු නිසා බව සඳහන් කරන විගණන වාර්තාව සෑම වර්ෂයකම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන මෙම අයහපත් තත්වය අවම කර ගැනීමට කටයුතු කර නොතිබූ බවද ප්‍රකාශ කරයි.