spot_img
spot_imgspot_img

රටේ දූෂිතම ආයතන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පත්වෙලා. පොලිසිය දෙවැනි තැනට

පුවත්

විදෙස්

රාජ්‍ය ආයතන අතරින් අල්ලස් ගැනීම වැඩිපුරම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලැබී ඇති අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා නගර සභා, සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් ගැනීම් වැඩිම ආයතන අතර පිළිවෙළින් රැඳී සිටියි.

විවිධ ආකාරයේ බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස්ගැනීම වැඩි වී ඇතැයි ද ජනතාව සුලබව ගැවසෙන ස්ථානවල අල්ලස වැඩිපුර සිදුවන බවද අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉතා අල්ප බවත් බොහෝ අවස්ථාවල දී කොමිසමට ඉදිරිපත් නොකෙරෙන බවත් පැවසේ. ඉතාමත් පහසුවෙන් කරගත හැකි කාර්යයක් රාජ්‍ය සේවකයන් විසින් දින ගණන් රස්තියාදු කරමින් අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් එම කොමිසම ‍පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!