කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,754 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,534ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 22ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,888 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 344
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 114
- ලංකා වෝල්ටයිල්ස් සමාගම රුපියල් මිලියන 109
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 16
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 14
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අමානා ලයිෆ් සමාගම 21%
- මුලර්ස් සමාගම 16.6%
- සෙලාන් බැංකුව (X) සමාගම 16.6%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලංකා වෝල්ටයිල්ස් සමාගම කොටස් 286,000ක් රුපියල් 70.00 බැගින්
- සීඅයිසී සමාගම (X) කොටස් 600,000ක් රුපියල් 74.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් 150,000ක් රුපියයල් 11.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 302
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 66ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 13ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 53ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සීඅයිසී සමාගම රුපිියල් මිලියන 47
- සොෆ්ට් ලොජික් සමාගම රුපියල් මිලියන 03
- යුනියන් බැංකුව රුපියල් මිලියන 02
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 3.1
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 2.6
- රිල් ප්‍රොපර්ටි සමාගම රුපියල් මිලියන 1.5
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ