හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි බාරදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයන‍් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ විභාකය වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් නොමැති බව කියමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබේ. එම පෙත්සමට අනුව මෙලෙස නොතීසි නිකුත් කරන ලෙස දැනුම් දී ඇත.
ලලිත් සහ කූගන් දෙදෙනාගේ දෙමාපියන් විසින් විශේෂ අභියාචනා පෙත්සම ගොනු කර තිබිණි. ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එම්.එම්.නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.
එම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබුණේ නැත.