වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය නැවත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ වයස අවුරුදු 60 ඉක්මවා ඇති රජයේ නිලධාරීන් සියලු දෙනා දෙසැම්බර් 31 වැනි දින විශ්‍රාම යාම අනිවාර්ය යැයි කීව ද වෛද්‍යවරුන්ට තමන්ගේ ඉදිරි උපන්දිනය දක්වා සිටීමට අවසර ලබාදුන් බවයි.
ඒ අනුව වයස 62 ඉක්මවා සිටින වෛද්‍යවරුන්ට 63 වැනි උපන්දිනය දවසේ දී ද 61 ඉක්මවා සිටින වෛද්‍යවරුන්ට 62 වැනි උපන්දිනය දවසේ දී ද, 60 ඉක්මවා සිටින වෛද්‍යවරුන්ට 61 වැනි උපන්දිනය දවසේ දී ද විශ්‍රාම යාමට අවස්ථාව ලබා දී ඇත.
එමෙන් ම වයස අවුරුදු 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 60 දී විශ්‍රාම යාම අනිවාර්ය බවත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින සිට වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ මෙම අන්තර්කාලීන ක්‍රියාමාර්ගය අවසන් විය යුතු බවත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඉන් පසු අනෙකුත් රාජ්‍ය සේවකයන් සේ සියලු වෛද්‍යවරු වයස අවුරුදු 60 වන විට අනිවාර්ය විශ්‍රාම යා යුතු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.