රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් ලෙස නැවත අඩුකිරීම හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දා රාජ්‍ය සේවකයන් 12,000ක් පමණ විශ්‍රාම ලැබීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරන කාලයේ දී විශ්‍රාම වයස අවුරුදු 63ක් බවට පත්කර තිබූ අතර පසුගිය අතුරු ඇයවැය මගින් එම කාලය නැවත 60ක් දක්වා අඩු කෙරිණි. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනි දා වන විට වයස අවුරුදු 60 ඉක්මවූ සියලු දෙනා අනිවාර්යයෙන් ම විශ්‍රාම ලැබිය යුතු බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
විශ්‍රාම ගන්නා සියලු රාජ්‍ය සේවකයන්ට එම දිනයේ ම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකරදීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛත ම කාර්යයකි. ඒ අනුව විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 3/2015 හි 6(1) වගන්තිය අනුව විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර විශ්‍රාම ලබන දිනයට මාස තුනකට පෙර ඉදිරිිපත් කළ යුතු බව ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් පවසයි.
එසේ යොමු කිරීමෙන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ කාර්යක්ෂමව ලබාගත හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.