කොළඹ සිට මාතර දක්වා අද (06) උදෑසන ධාවනය වෙමින් තිබූ දුම්රියට කඩුවක් රැගෙන ගොඩ වූ කොල්ලකරුවන් දෙදෙනකු කාන්තාවකගේ රන් මාලයක් සහ රුපියල් ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දුම්රිය මාර්ගයේ වැටී තුවාල ලබා සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යුවල පල්ලෙමුණ දකුණ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, යතුරුපැදියක් මිල දී ගැනීම සඳහා මොරටුවට පැමිණ ඇති බවත් වාර්තාවේ.
දුම්රියේ සිටි අඹු සැමි යුවලක් බිය ගන්වා මේ කොල්ලකෑම සිදුකර තිබේ. අඟුලාන දුම්රිය ස්ථානයට මෙම දුම්රිය අලුයම 5.30ට පමණ පැමිණි අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා එහි ගොඩ වී ඇත.
කාන්තාව සතුව තිබූ මුදල් පසුම්බිය ලබාදෙනවාට සැමියා විරෝධය දැක්වූ අවස්ථාවේ දී සැමියාගේ අතට කඩුවෙන් කොටා කාන්තාවට ද පහර දී තිබේ. දුම්රියේ ගමන් ගත් මගීන් කිහිප දෙනකු එතැනට පැමිණෙන විට සැකකුරුවන් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පැන පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
කඩු ප්‍රහාරයට සහ පහරදීමට ලක්වූ යුවළ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති.