සිය වැටුප 70%කින් වැඩි කරන ලෙස ඉල්ලා වතු නිලධාරීන් විශාල පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
විවිධ ප්‍රදේශවලින් පැමිණි වතු නිලධාරීන් අති විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටින අතර පොලිසිය ද ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ අභිලාෂයෙන් බල මුළු කැඳවා තිබේ.
ලංකා වතු සේවා සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර මේ වනවිට තලවාකැලේ නගරයේ මාර්ග අවහිර වී තිබේ.
