ගම්පහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල හේතුවෙන් ආබාධිත දරුවකු බිහි වී ඇතැයි තීරණය කළ කොළඹ දිසා අධිකරණය එම දැරියට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙස අද (29) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ විසිනි.
උපත් ලැබූ අවස්ථාවේ සිට ආබාධිත වී සිටින බියගම පදිංචි සඳුනි අතාශා නමැති දැරිය ම මවගේ මාර්ගයෙන් ගොනුකරන ලද නඩුවකට මෙලෙස තීන්දුව ලබා දී ඇත.
පැමිණිලිකාර දැරියගේ මව අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමා දරුවකු ප්‍රසූත කිරීම සඳහා 2012 මැයි මස 14 වැනි දා ගම්පහ රෝහලට ඇතුළත් වූ බවයි. තමන්ට දරාගත නොහැකි වේදනාවක් ඇති වූ අතර ඒ පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලය හා වෛද්‍යවරු දැනුම්වත් කළ ද ප්‍රතිකාරයක් ලබා නොදුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල හේතුවෙන් ආබාධිත දරුවකු බිහි වූ බවත් එයට අලාභ වශයෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අවශ්‍ය බවත් පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.