spot_img
spot_imgspot_img

ඉයන් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වදියි

පුවත්

විදෙස්

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර මිලියන 2.4ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

පැයට කිලෝමීටර් 241ක වේගයෙන් වෙරළට කඩා වැදුණු සුළි කුණාටුව පසුගිය වසර කිහිපය තුළ ඇමරිකාවට බලපෑම් ඇති කළ භයානකම සුළි කුණාටුව බව කාලගුණ බලධාරීහු පවසති.

සුළි කුණාටුව මේ වනවිට ෆ්ලොරිඩා හරහා උතුරු දෙසට ගමන් කරමින් පවතී. ඊසානදිග ෆ්ලොරිඩාවේ පිහිටි ජැක්සන්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත සියලුම ගුවන් ගමන් අවලංගු කළේය.

ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පැවසුවේ ඉයන් පැයට සැතපුම් අටක පමණ වේගයකින් ගමන් කරන අතර බ්‍රහස්පතින්දා උදෑසන වන විට අත්ලාන්තික් සාගරයට එනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි.

එය සිකුරාදා ජෝර්ජියා සහ දකුණු කැරොලිනා වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය සිදු වන විටත් සුළි කුණාටු ප්‍රබලත්වයෙන් පවතිනු ඇතැයි NHC පවසයි.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් වර්ජිනියාද ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ ෆ්ලොරිඩා සමඟ එක්වී ඇත.

කියුබාවේ බටහිර වෙරළ තීරයට පසුගිය අඟහරුවාදා ඉයන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය. දිවයින සම්පූර්ණයෙන් විදුලිය ඇණහිටීමෙන් පසු ඇතැම් ප්‍රදේශවල විදුලිය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත. කියුබාවේදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, කියුබානු සංක්‍රමණිකයන් 20කට වැඩි පිරිසක් මුහුදේදී අතුරුදන්ව ඇතැයි විශ්වාස කෙරේ.

https://www.bbc.com/news/world-63072164

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!