රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම වළක්වාලමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 27 වැනි දා නිකුත් කරන ලද 04/2022 චක්‍රලේඛයට එහෙිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශව කිහිපයක් සූදානම් වෙයි.
අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ විසින් නිකුත් කර තිබූ එම චක්‍රලේඛය නීති විරෝධී බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, අධිකරණට පවා අපහාසයක් වන බවත් rata.lk අපි ප්‍රකාශයට පත් කළෙමු. එම ලිපිය මෙතැනින්.
එම චක්‍රලේඛයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සහ බහුන සංවිධාන ඒකාබද්ධ තීරණයක් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.
ආයතන සංග්‍රහයෙ ඇති කරුණුවලට වඩා ඉහළින් මූලික අයිතිවාසිකම් පවතින බවට නඩු තීන්දුවකින් පවා පූර්වාදර්ශයක් සපයා ඇතැයි ද හෙතෙම කීවේය.
කොළඹ මහානාම විදුහලේ සේවය කළ ගුරුවරියක් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන ලදැයි වැඩ තහනමකට ලක්වීම හේතුවෙන් එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR/76/2012 නඩුවට ලබාදුන් තීන්දුව අනුව එම ගුරුවරිය යළි සේවයේ ස්ථාපිත කර තිබේ.