ගාල්ලේ තරුණියකගේ ආදරය නොලැබීම හේතුවෙන් බෝම්බයක් පුපුරවාගෙන ඇගේ පෙම්වතා සමඟ මැරෙන්නට ගිය ගල්ගමුවේ තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු දීඝවාපියට හැරෙන හන්දියේ සැක සහිත ලෙස රැඳී සිටිනු දුටු ගම්වාසීන් විසින් එරගම පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී ද බෝම්බය පුපුරුවා ගෙන මියයන බවට පොලිසියට තර්ජනය කර පලාගොස් ඇත. පසුව පොලිසිය ඔහු උපක්රමශීලීව අල්ලාගෙන තිබේ.
ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ගාල්ලේ තරුණියක් Facebook ඔස්සේ හඳුනාගෙන ඇයට ආදරය කළ බවයි. කිසිදා ඇය හමුවී නැතත් දෙදෙනා ප්‍රේම කළ බව ද ඔහු පවසා තිබේ. නමුත් ටිකෙන් ටික ඇය තමන් සමඟ කතා කිරීම අඩුවූ විට ඒ ගැන සොයා බැලීමේ දී ඇය අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන තරුණයකු facebook මගින් හඳුනාගෙන ඔහුට ආදරය කරන බව දැනගෙන ඇත.
මේ හේතුවෙන් කෝපයට පත් ඔහු යුද හමුදාවේ සේවය කරමින් සිට විශ්‍රාම යාමෙන් පසු මියගිය සිය බාප්පා සතුව තිබූ බෝම්බයක් රැගෙන අම්පාර බසයෙන් ගොස් තිබේ.
ඔහු එලෙස ගොස් ඇත්තේ අම්පාරේ තරුණයා ගැන සියලු විස්තර අන්තර්ජාලයෙන් ම සොයා ගැනීමෙන් අනතුරුවය. අත්අඩංගුවට ගත් තරුණයා පොලිසිය කියා ඇත්තේ තමන් කිසි දා හමුනොවූූ ගාල්ලේ පෙම්වතියගේ අලුත් පෙම්වතා හමුවී බෝම්බය පුපුරුවාගෙන මරාගෙන මැරෙන බලාපොරොත්තුවෙන් එලෙස පැමිණි බවයි. බෝම්බය සමඟ ඔහු උල් පිහියක් ද රැගෙන පැමිණ සිටි බව පොලිසිය පවසයි.
අඟහරුවාදා උදෑසන අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඔහු පැමිණෙන අවස්ථාවේ දී එහි සේවය කරන තරුණයා ඔහුට මඟ හැරී ඇත. ඒ හේතුවෙන් සේවය අවසන්වී නිවසට යන විට අතරමඟ දී බෝම්බය පුපුරුවා ගැනීමේ අදහසින් ඔහුගේ නිවසට යන මාර්ගයේ රැඳී සිටිය දී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.