සිය දරුවන් ක්‍රිකට් පුහුණුවීම් කරන ලද පැති විකට්ටුව නැවත ප්‍රතිස්ථාපනය කර දෙන ලෙස ඉල්ලා ගාල්ල ඕල්සෙන්ට්ස් විදයාලයේ දෙමාපියන් පිරිසක් ඊයේ (28) මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ
ඕල්සන්ට්ස් විද්‍යාලයට ක්‍රීඩා පිටියක් හෝ ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමාණවත් සුළු ඉඩක් හෝ නැත. ගාල්ල මහ නගර සභාව සතුව තිබූ මහජන ක්‍රීඩාංගණය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දීම හේතුවෙන් එය පාසල් සිසුන්ට තහනම් කලාපයක් වෙයි.
ගාල්ල මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන සමනල ක්‍රීඩාංගණය ද පාසල් ක්‍රිකට් පුහුණුවීම් සඳහා සුදුසු ස්ථානයක් නොවේ. මේ හේතුවෙන් ඕල්සන්ට්ස් විද්‍යාලයේ සිසුන් ගාල්ල කොටුව පිවිසුම් දොරටුව අසළ තිබූ පැති විකට්ටුවක් කලක සිට භාවිතා කෙරිණි.
ගාල්ල කොටුවේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට බව පවසමින් මේ පැති විකට්ටුව නගර සභාව විසින් කඩා ඉවත්කරන ලද අතර ඒ වෙනුවෙන් නැවත නව පැති විකට්ටුවක් සාදා දෙන බවට ද පොරොන්දු වී තිබිණි. නමුත් එය ඉවත්කර වසර කිහිපයක් ගත වුව ද පාසල් සිසුන්ට පැති විකට්ටුවක් සාදා දී නැත.
උද්ඝෝෂණයේ නිරත වූ දෙමාපියන් ඉල්ලා සිටින්නේ එම පැති විකට්ටුව නැවත සාදා දෙන ලෙසයි.
උද්ඝෝෂණයේ නරත දෙමාපියන් දකුණුපළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ගොස් එම ඉල්ලීම ලිඛිතව ආණ්ඩුකාරවරයාට බාර දුන් අතර ආණ්ඩුකාරවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඔහු කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.
TV RUHUNA