හබරාදුව සමූපකාර ඉන්ධන පිරවුම්හළෙහි භූමිතෙල් නිකුත් කිරීමේ පොම්පවලට පසුගිය 27 වැනි දා මුද්‍රා තැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එය මෙලෙස මුද්‍රා තබා ඇත්තේ ධීවරයන්ට අළෙවි කිරීම සඳහා වෙන්කර තිබූ භූමිතෙල් වැඩි මිලට වෙනත් බාහිර පුද්ගලයන්ට අළෙවි කළා යැයි පැමිණිල්ලක් ලැබීමම හේතුවෙනි.
රුපියල් 340.00ට මිල නියම කර තිබූ භූමිතෙල් ලීටරය රුපියල් 380.00ට විකුණන බවට තොරතුරු ලැබී තිබිණි. වැටලීම සිදුකරන අවස්ථාවේ අළෙවියට සූදානම් කර තිබූ ලීටර 301ක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු තොරතුරක් අනුව එහි උපාය ධූතයන් සහ සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ නිලධාරීන් ඒකව මෙම වැටලීම සිදුකර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දකුණු පළාත් කළමණාකරු පවසන්නේ මේ ඉන්ධන පිරවුම් හෙලේ අදාල පොම්පකරු ඉවත්කරන ලෙස උපදෙස් දුන් බවයි. එමෙන් ම තවදුරටත් එම ස්ථානයේ ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ද ඔහු කීවේය.
Tv Ruhuna
