spot_img
spot_imgspot_img

නොරොච්චෝලේ සිදුව ඇති දේ මෙන්න. විදුලි කප්පාදුවත් දීර්ඝ වෙයි

පුවත්

විදෙස්

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (27)  අලුයම එහි  තුන්වැනි ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත වී ඇති බවත් මේ නිසා විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට දෛනිකව මෙගාවොට් 270ක විදුලි ප්‍රමාණයක් අහිමි වී ඇත.

බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් සඳහා නතර කර තිබිණි. මේ නිසා ක්‍රියාත්මකව තිබුණේ පළමු හා තුන්වැනි ජනන යන්ත පමණි. මේ නිසා බරපතල ගැටලුවක් මතුව ඇති බවත් ජනන යන්ත්‍රය සාමාන්‍ය තත්වයට ගැනීමට දින කිහිපයක් ගතවීමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

මේ නිසා අද සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව ඉහළ නැංවෙන ආකාරය ඉක්මණින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු කීවේය. ජනන යන්ත්‍රය ඉක්මණින් ක්‍රියාකාරී තත්වයට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ගනිමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!