spot_img
spot_imgspot_img

ජනාධිපති රනිල් නීති විරෝධී වැඩක් කරලා, නීතිඥ සංගමය කියයි

පුවත්

විදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධූරයට නොමැති බලයක් භාවිතා කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතියට බාධා කර ඇතැයි නීතිඥ සංගමය පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ (23) කොළඹ ප්‍රදේශ රැසක් අධි ආරක්ෂිත කලාප බවට පත්කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එම ගැසට් නිවේදනය නිකත් කර ඇත්තේ රාජය රහස් පනත අනුව යැයි සඳහන් වෙතත් එවැනි බලයක් එම පනතෙන් හිමි නොවන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

මෙම ගැසට් නිවේදනය මගින්, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථානය, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනය නිකුත් කළ අතර එම නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. එම පනත මගින් හැකියාව ඇත්තේ රාජ්‍ය රහස් ආරක්ෂා කිරීම පඹණක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!