අකුරැස්ස, මාදොළ ප්රදේයේ දී සහෝදරයන් දෙදෙනකු අතර ඊයේ (10) රාත්රී ඇති වූ ගැටුමකික් එක් සහෝදරයකු මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අලුබෝමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය බිරිඳ සමඟ ඊයේ රාත්රී සිය දෙමාපියන් සිටි නිවසට පැමිණ සිටිය දී මෙම ප්රහාරයට ලක්ව ඇත.
ඔහු එහි යනවිට ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් සහෝදරයන් දෙදෙනා අතර ඉඩමක් සම්බන්ධයේන ඇති වූ බහින්බස්වීමක්ක අතරතුර වැඩිමල් සහෝදරයා සිහ බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවත් මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
තුවාලකරු ආදාපාන රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බව ද පොලිසිය සඳහන් කරයි.
අද (11) මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ප්රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.