රට පුරා ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ දින පතා වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසයි.
යම් පිරවුම්හලකට ඉන්ධන ලබාගන්නේ නම් එම තොගය සඳහා පෛර දින සම්පූර්ණ මුදල් ගෙවිය යුතුයැයි හඳුන්වාදුන් ක්‍රමය නිසා මේ තත්වය ඇති වී තිබෙන බව ද ඔහු කියා සිටියේය.
ඉන්ධන ලැබෙන දිනට පෙර දින රාත්‍රී 9.30 කලින් ඉන්ධන සඳහා ගෙවීම් නොකළොත් ඉන්ධන ලැබෙන්නේ නෑ. දෛනිකව ප්‍රමුඛතා ලැයිස්තුවක් මගින් විවිධ ප්‍රදේශවල ඉන්ධන ලබා දෙන පිරවුම්හල් තීරණය කර තිබෙනවා. මේනිසා අනෙක් ඒවා වසා දාලා. පිරවුම්හල් හිමියන්ට දැන් විශාල මුදලක් ගෙවන්න වෙලා. ඉන්ධන තොග රැස්කරන්න හැකියාවක් නැහැ. අපිට ප්‍රශ්නය තියෙන්නේ පිරවුම්හල්වල ඒ තරම් මුදල් සංසරණය නොවීම. ඉන්ධන අඩුවක් නෑ නමුත් මේ ගෙවීම් කරන්න බැරි නිසා සෑම දිනකම ඉන්ධන පිරවුම්හල් 300-400ත් අතර ප්‍රමාණයක් වසා දාලා තියෙන්නේ.” යැයි ද කුමාර රාජපක්ෂ වැඩිදුරටත් කීවේය.
තෙල් සංස්තාව පෞද්ගලීකරනය කරන්න ආන්ඩුව ගැහුව අලුත්ම ගේම,මේ විදියට සෙඩ් වසාදැමීමෙන් ජනතාවට එදිනෙදා තෙල් ලබාගැනීම අසීරු වෙනවිට සංස්තාව පෞද්ගලීකරනය නෙවෙයි මකබාවලා හරි අපට තෙල් දියව් කියන තත්වය රටේ ඇතිකිරීමටයි මෙය කලේ,එසේ නැතිව වෙන කිසිම හේතුවක් හින්දා නොවෙයි,, තෙල් සංස්තාව පාඩු ලබනවනම් එයට මුලින්ම වගකිවයුත්තේ මෙතක් කලක් ඛනිජ තෙල් ඇමති ධූරය දැරූවන් හා අවස්තාවාදී නිළධාරින් මිස වෙන කවුරුද?? ත්‍රිවිධ හමුදාව,විදුලිබල මණ්ඩලය,ශ්‍රීලංකන් ගුවන් සේවය සහ තවත් ආයතනවලට නයට තෙල් දීමෙන් රු. බිලියන 150 ක් සංස්තාවට ලැබිය යුතු බවත්, ඒ නය අයකර ගන්නවා වෙනුවට සංස්තාව පෞද්ගලීකරනය කිරීම මුහුනත් එක්ක තරහා වී නහය කපා ගන්නවා වගෙ වැඩක්, එසේ වුවහොත් හුස්ම හිරවී මියයන්නෙ,මෙරට ජනතව මිස මේ අමනෝඥ්ඥ පාලකයන් නොවන බව ජනතාව පක්ෂ පාට බේදයෙන් තොරව පිලිගත යුතුව ඇත,,