spot_img
spot_imgspot_img

“උත්තර ලංකා සභාගය” එළිදක්වයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වී වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙන් අද (04) මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී “උත්තර ලංකා සභාගය” ආරම්භ කෙරිණි.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස විමල් වීරවංශ ද, ලේකම්වරයා ලෙස කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ ද, ජාතික සංවිධායක ලෙස වාසුදේව නානායක්කාර ද, නියෝජ්‍ය සභාපතිවරු ලෙස උදය ගම්මන්පිළ සහ තිස්ස විතාරණ ද පත්කර තිබේ. නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ගෙවිඳු කුමාරතුංගයි.

උත්තර ලංකා සභාගයේ අනුශාසක ධූරයට අතුරලියේ රතන හිමි ද පත්කර ඇත.

එමෙන්ම විධායක සභිකයන් ලෙස ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ පත්ව සිටිති. 

උත්තර ලංකා සභාගයේ ප්‍රථම සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම අද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ විසින් සිදුකළ අතර ප්‍රතිපත්ති ප්‍රකාශයට ද අත්සන් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!