spot_img
spot_imgspot_img

හාල් කිලෝව 290.00 ට නැංවීමේ සූදානමක් ?

පුවත්

විදෙස්

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී හාල් පිටරටින් ගෙන ඒම නවත්වන ලෙසත්, තමන් සතුව ඕනෑ තරම් හාල් තොග ඇති බවත් කියූ මහා පරිමාන හාල් මෝල් හිමිකරුවෝ දැන් හාල් කිලෝව රුපියල් 290.00 දක්ව ඉහළ දැමීමට සැළසුම් කරමින් සිටිති.

ආර්ථික අර්බුදයත්  සමඟ හාල් අධික මිලට විකිණෙන බව මාධ්‍ය මගින් අවස්ථා කිහිපයක දී ම අනාවරණය කළ අතර rata.lk අපිද දත්ත සහිතව පෙන්වා දුන්නේ රටේ වගාකර ඇති බිම් ප්‍රමාණය අනුව දැඩි හාල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි. එහෙත් ඒ සෑම අවස්ථාවක දී ම මහා පරිමාන හාල් මෝල් හිමියන් කියා සිටියේ තමන් සතුව හාල් තොග සීමිත වීම හේතුවෙන් හාල් මිල ඉහළ දැමීමට සිදුව ඇති බවකි.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ මහා පරිමාන මෝල් හිමියෝ ඔවුන් සතුව සහල් මෙට්‍රික් ටොන් 540,000ක් පමණ ඇති බැවින් සහල් පිටරටින් ගෙන්වීම නතර කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේ ඉල්ලීම් කළ හාල් මෝල් හිමියන් දැන් පවසන්නේ සැප්තැම්බර් 18 වනදා වනවිට හාල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 290.00ක් දක්වා ඉහළ දැමීමට තමන්ට සිදුවන බවයි. විදුලිය නොමැතිවීම, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් එලෙස සහල් මිල වැඩිකිරීමට සිදුව ඇතැයි ද පාලන මිලට සහල් ලබාදීමට නොහැකි යැයි ද ඔවුහු කියති.

වී අළෙවි මණ්ඩලය වී කිලෝවට උපරිම මිලක් ලබා දීම හේතුවෙන් වී මිල දී ගැනීමට සිදුවූයේ රුපියල් 140.00 හෝ 150.00 වැනි මුදලකට බැවින් හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300.00කට ආසන්න මිලකට අළෙවි කිරීමට සිදුවන බවත් පාලන මිලට සහල් දීමට නොහැකි බවත් මෝල් හිමියෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!